රෑ 12ට විතර කපුටු පුතා නිදාගන්න ගියා පැරදිච්ච මැච් එක බලලා. යාන්තන් නින්ද යාගන එනකොටම ඇහැරුනේ ටැප් එක ඇරපු සද්දෙට. හෝ ගාලා ටැප් එකේ වතුර යනවා. අදූරු චායාවක් ඔන්න ඇදෙනවා ටැප් එක ගාවින්. කපුටු පුතාට බය හිතුනේ කපුටු ලතා හවස කියපු ග්‍රීස් යකාගැන කිපු කථාවලට. ග්‍රීස් ගාගෙන එනවලු කට්ටියක් ගෑනු කට්ටියගේ ලස්සන බලන්න රෑට. සමහරු එන්නේ දෙන්නා ගානෙලු. අහුවෙලා පොලිසියට දුන්නම නිදහස් කරනවලු. පන්නාගෙන යනකොට හමුදා කඳවුරු වලට රිංගනවලු. එන්නේ ලේ ගන්නලු හරියට මදුරුවෝ වගේලු. කථා වැඩිකමටම කපුටු පුතාට හූගක්ම බය හිතුනා. ටැප් එක ඇරලා ඒක වහන්න ගියාම ගෙට රිංගනවාලු.
ග්‍රීස් බීතිය රට පුරාම එකවරම ගිය නිසා කපුටු පුතාට බය හිතුනා. මුං හදිසි නීතියටවත් පොලිසියටවත් බය නැති උං, කියලා කපුටු පුතාට හිතිලා බය වැඩිවෙලා ගහෙන් වැටෙන්නත් ගියා. කපුටු පුතා කෑගැහුවා හයියෙන් "ග්‍රීස් ග්‍රීස්" කියලා. යකා කියන්න හම්බු උනෙත් නෑ, කපුටු මාමලා ඔක්කොම එකතු වෙලා දොර පොලු අරගෙන බැස්සා එලියට. ග්‍රීස් යකා දිව්වා. හැමෝම හෙව්වා. අන්තිමේදී අහු උනා. හැමෝම ග්‍රීස් යකාට කෙටුවා.
කපුටු පුතාත් ගියා. ඇත්ත තමයි ඇඟ පුරාම ග්‍රීස් ගාගත්ත මිනිහෙක්.
ඔන්න ආවා පොළිස් ජීප් එක. කැප් එක දාලා ආපු මහත්තයා දුන්නා ග්‍රීස් යකාට පයින් පාරක්. කවුද ඕයි තමුසේ....
මම හන්දියේ ගැරෙජ් එකේ බාසුන්නැහේ. වතුර බිල ගෙවන්නැතිව අපේ වතුර කපලා. රාළහාමිගේ වැන් එක හදලා ගෑවිච්ච ග්‍රීස් හෝදගන්න ටැප් එක ලඟට ආවේ. මම ග්‍රීස් ගාගන හිටියට ග්‍රීස් යකා නෙමේ.
පොලිස් ලොක්කා කපුටු මාමලා හදිස්සි නීතියට අනුව ලකප් කරලා ග්‍රීස් බාසුන්නැහේ නිදහස් කළා. බාසුන්නහේ ගියා. කපුටු පුතා බේරුනේ ගහ උඩ හිටපු නිසා.
Aug 29, 2011
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment
ආ ඔයත් ලියන්ඩ!