කපුටු පුතා ඉස්කොලේ ගියේ හුඟ කාලෙලට පස්සේ ත්‍රස්තවාදී තර්ජන තියෙන නිසා අම්මා යැවුවේම නෑ.
ඇයි ඉගනගන උඹ රස්සාවක් කරන්නද කියලා අම්මා ඇහුවේ. ඒකත් ඇත්ත තමා කපුටන්ට මොන රස්සාද ? කපුටු පුතාට දුකත් හිතුණා. ඒත් මාරගහේ ඉඳලා රටතොට බලාගන ඉන්න එකත් පඩි නැති රස්සාවක්ද කියලා කපුටු ආතා කියාපි. ඒකට කපුටු පුතාගේ දුක නිවුණා.
ගුරුතුමී කපුටු පුතාව පිළිගත්තේ හරියට ජනාධිපති එන්ඩ කලින් එන සරත් මහත්තයා වාගේ. පොරොන්දු කෙලවරක් නෑ. විවෘත කරපුදාට තියෙන එලිය ආගිය අතක් නෑ ටික දවසක් යනකොට. ඕං එතකොට කපුටාගේ පුංචි අම්මා කියාපු කථාවක් මතක් වෙච්චි.
එකගමක ගෙවල් හදලා ලයිට් දුන්නාලු, විවුර්තෙට ආවේ ජනාධිපතිතුමාලු, එක ගෙයක් බලලා ලයිට් දාලා විවුර්ත කළාලු,එතුමා ගියාට පස්සේ නිළධාරී ජෙනරේටරේ ගලවාගන ගියාලු, ඊට පස්සේ ලයිට් ආවේ නෑලු.
ඉතිං සංවර්ධනේ ඔහෝමයි කියාලා කියපු ගුරුතුමී වටපිට බැලුව ටාන්සර් එකක් එයිද කියලලු. ඒ කියන්නේ පින්සිපල් එනවද කියලා. එදා කපුටු පුතාට තිබුනු පාඩම සුවඳෙන් වැළ වර්ග අඳුනා ගන්න හැටි. බෝම්බ නිවාඩුකාලේ බයට මාරගහෙන් ගිහින් කොස් ගහක වාසය කරපු කපුටු පුතාට පාඩම අමාරු උනේ නෑ.
වැළ ගිලිනවා වගේ ඒ ගැන ගැන හොඳට ලිවිවා. ගුරුතුමීත් වැළ ගෙඩියක් දැක්කා වගේ හිනා උනා. කපුටුපුතාට හරි සතුටුයි. යුද්දේ දිගටම ගියොත් නිවාඩු වැඩි වෙයි. ඉස්කෝලේ අඩුවෙයි! කපුටු පුතාට ආයේ ඇඬුණා.
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment