කර්ක්...චිප්!
කවුදෝ කාරලා ගහපු බුලත් කෙළ පාරේ සද්දෙට
අත්තක පොඩි නැප් එකක් දාගෙන හිටපු මට ඇහැරුනා
පහල දුවනගිරි කඬේට කට්ටියක් සෙට් වෙලා!
අත්වල කැමරා, පෑන්,අයිඩීත් එල්ලාගෙන
ආ මේ මාද්දිය කට්ටියක් නේ!
ලොකු කතාවක්,
රචනේට ලියන්ට මොනා හරි ලැබෙයි කියලා
මාත් බැස්සා පහලම අත්තට
එයාලා කවි ලියනවා පෝස්ටර් වලට
කට්ටියක් හෙඩිං හදනවා පත්තරේට
වැඩියෙන් කියවෙන වචනය විමල්
අනේ විමල් - ගියා විමල්
මොකද විමල්- සැකද විමල්
යන්ඩ විමල් - එන්ඩ විමල්
මොකද විමල් - නිකං විමල්
ගන්න විමල් - මන්නේ විමල්
කපමු විමල් - කොටමු විමල්
ඩප්පි අපේ - ඔබට විමල්
එන්ඩ මෙහේ - අපේ විමල්
ඇමති වගේ හිටිය විමල්
පොරක් වෙලා හිටපු විමල්
සංදානේ හිටපු විමල්
ආටි ගහපු කටින් විමල්
ඉගන ගත්තේ නැතිව විමල්
සේවය කල අපේ විමල්
චන්ද ගොඩක් ගත්ත විමල්
අංක එකට ආපු විමල්
ප්‍රචාරයට උපන් විමල්
කට සද්දේ වැඩිම විමල්
මහ චන්දේ කඩුව විමල්
ජොබ් කටුවත් නෑනේ විමල්
දැන් නම් සිරසේ බලන්න දේකුත් නැති වෙයි
කෙනෙක් කීවා,
සිරසේ ප්‍රචාරක කළමණාකරු අස්කරලා විමල්ට දේවි!
අනිත් එක්කෙනා කියාපි,
අන්තිමේදී මාද්දියට තමා හොද්ද බොර
මොකද මිනිස්සු නොකා නොබී
ඉතුරු කරලා වියදම් කරන්නේ
පත්තර ගන්නයි, එස් එම් එස් වලටයි නේ
අපරාදේ විමල් ඒ ලෙවල් කරලා කැම්පස් ගිහින් දොස්තර කෙනෙක් උණානන් ස්ට්‍රයික් කරන්න වත් තිබුණා කිව්වා එක්කෙනෙක්,
ඒයි! ඇමතිලා ස්ට්‍රයික් කරනවාද ?
වෙන්න බෑ,
ඕනේ තරම් ඇමති වැඩේ කරන්න අය ඉන්නවනේ!
මටත් ඇමති කෙනෙක් වෙන්න හිතුණා
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment