Mar 28, 2008

නැගෙනහිර පැත්තේ ඉඳලා ආපු කපුටු පවුල

අද හරි දුකයි
නැගෙනහිර පැත්තේ ඉඳලා ආපු කපුටු පවුල
අද ආයේ යනවා
එහේ දැන් නිදහස් ලු
එයාලට සහනාධාරත් හම්බු වෙනවාලු
චන්දෙන් පත්වෙච්ච අලුත් මාමලා නැන්දලා
එහේ හොඳට දියුණු කරයිලු
පාරවල් හදනවලු
නිරායුද කරනවලු
ආයේ චන්දයක් තියනවලු
තව වැඩ කෝටියක්ලු
කොළඹ ඉඳලා මටත් එපාවෙලා
මට දුකම දුක කපුටු නංගි යන එක
එයයි මමයි ඉංග්ලිස් ක්ලාස් පටන්ගත්තා විතරයි
මටත් හිතයි එයාලා එක්ක නැගෙනහිර යන්න
කපුටු නංගි හින්දාම නෙමෙයි
පළාත් සබා චන්දෙට ඉල්ලලා බලන්න
අපේ නෑදෑ චන්ද ටික ලැබුනොත්
උඩින්ම දිනන්න පුලුවන්
ඉස්සෙල්ලාම ඩියුටි ෆ්‍රී බයික් එකක්
ටිකක් දවස් ඉඳලා කැබ් එකක්
ඊට පස්සේ ෆජරෝ
වෙඩි නොවදින කාර්
ඇස්ටන් මාටිං
මම ඒ ඔක්කොම පර්මිට් විකුණනවා
මට මොකටද වාහන
තටු තියනකන් පියාඹලා යන්ට මට පුලුවන්
නැත්තන් ඔය ලංගම බස් තියෙන්නේ
චන්දෙට අපේ නෑදැයින්ට ආසා හිතෙන
ලකුණක් ගන්න ඕනේ,
ගස නරකද ? අපි ඉන්නේ ගස් වලනේ
ඒක මුස්ලිම් කොන්ගස් අරන්නේ
දෙන්නෙම නෑලු
ඒකමලු ඕනේ
නැත්තන් තනියමලු
සබාවේ ලොක්ක කම ඕනෙලු
අරවා ඕනෙලු
මේවා ඕනෙලු
හැම දෙයක්ම ඕනෙලු
නැත්තන් බෑලු
ඔය ඔක්කොම දේ
හින්දා දැන් කවුරුත් නෑලු
ඒ හින්දා තනියමලු
ඒ හින්දා ගස හම්බු වෙන්නේ නෑ
ඒක හොඳම දේ තමා
මගේ ලකුණට වැල මදුලක් ගන්න එක
සියලු කපුයෝ වැල වලට කැමති නිසා
අනිවාර්යෙන්ම දිනන්න පුලුවන්
යන්ට ඕනේ මාත් චන්ද කන්තෝරුවට
ආපෝ එතන පුදුම සෙනගක්
මුස්ලිං කොන්ගස් එක මේසයක් තියාගන
සහයෝග යෝජනා බාරගන්නවා
ඉස්සෙල්ලාම ආණ්ඩු පක්සය
ඊ ලඟට විපස්සය
ඊ ලඟට පිල්ලියාන් මේසයක් තියාගන
එයාලා යෝජනා බාරගන්නවා
මං කාටද සහයෝගය දෙන්නේ
හරිම ප්‍රස්නේ
ඕං චන්ද කොමසාරිස් ආවා
මහත්තුරුනි අපේ චන්ද කොලේ
දැන් පිටු හතරක් වෙලා
කරුණාකරලා නම් දෙන්න
පස්වෙනි කොලෙකුත් දාන්න පුලුවන්
මම වැල එපා කියලා පියෑඹුවා
චන්දේ ඉල්ලන්න මට තාම වයස මදි
කපුටු නංගිටත් මදි චන්දෙ දෙන්න
වැඩැක් යෑ ඉතිං චන්ද ?

0 comments: