අපිට ඉස්කෝලේ නිවාඩු තිබ්බා
ඉතිං අපි හැම තැනම ගියා
රචනා ලීවේ නෑ
නිවාඩුව ඉවර උන ගමන්ම
මේ ලියන්නේ
මිනිස්සු හැම තැනම පුදුම විදියට කතාව
අන්න සටන් විරාමය අතෑරලාලු!
"මේ සටන් විරාමයක් තිබ්බද ?"
අපේ කපුටු ආත්තම්මා කපුටු ආතාගෙන්
ඇහුවේ එහෙමයි...
"ඔය චිත්‍තර පටිවලත් දාන්නේ
විරාමය කියලා අතරමැදදී,
පස්සේ ආයේ පටන්ගන්නේ නැතෑ
සටන් සමග ගීත කතාව"
ආතා කිව්වේ ..
කෝමහරි අන්තිමේදී දුශ්ටයා
පරදිනවිදියටම තිබ්බොත් හොඳයි
අද්යක්ෂණය කරන්නේ සම සභාපතිලා හින්දා
දුස්ටයා දිනන විදියට කතාව ලියලද දන්නෑ
ඒ උනාට රඟපාන කට්ටිය
දුස්ටයා පරදින විදියට වෙනස් කරගනී
විරාමේදී පන්දාහක් මැරිලලු
ඕක සටන් විරාමයක් නෙමේ
අලුත් සටන් කරාමයක් කියාලා කවුදෝ කියාපි
ඊ ලඟ රචනේ එනකන් මාත් විරාමයක් ගන්නවා
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment