කපුටා කලු පාටය
කලු කපුටාගේ පාටය
කපුටාගේ පාරම්පරික පාටද කලුය
සාම්ප්‍රදායික කපුටෝ කලුය
නවීන කපුටෝද කලුය
කලු පාටට කපුටා ඉතා කැමතිය
ඒත් කපුටා කපුටීට අමතන්නේ සුදෝ කියාය
කපුටී කපුටා අමතන්නේද සුදෝ කියාය
ඒත් කපුටා සුදු වීමට අදහස් නොකරයි
කලුනම් කපුටාය
කපුටා නම් කලුය
කපුටාට කලු ඉතා ලස්සනය
කපුටා කලු වීම ප්‍රතිපත්තිමය කාරණයකි
කපුටා දිගටම කලුව සිටීමෙන්
ප්‍රතිපත්තිය රැකගෙන ඇත
පාට මාරු කරන අයට වඩා
කපුටා හොඳ වන්නේ ඒ නිසාය
Oct 31, 2007
ඒ දෙන්නත් සුපර් තරු සීඩී අරගන
ඕං එනවා සෙනග
සුපර් තරු බලලා යන ගමන්
අපරාදේ අනේ සීඩි ගත්තේ
සුරේන් පැරදුනානේ
ෂාහ්! ඒ වුනාට අර පැද්දිල්ල
ජනාධිපතිතුමත් බලලා
එස් එම් එස් කීයක් එව්වද දන්නෑ
කාටද එවන්ට ඇත්තේ
දෙන්නටම එවන්ටැති
කාටත් සම සැලකිල්ලනේ
ඇමතිකං දෙනවා චාගේ
කොටි එදා ගහන්ට හිතන්ඩ නැතිව ඇති
උනුත් සුපර් තරු බලන්ටැති
සුපර් තරු වලට දුන්න ආරස්සාව
හරියට ජැක්සන් සමග සාරුක්කාන් ආවා වගේ.
අර කවුද අර ?
අම්මා ශ්‍රීපති සහ ඩිලාන්!
ඒ දෙන්නත් සීඩී අරගන
ඊ ලඟ චන්දෙදි සුපර් තරු වෙන්ඩ වගේ
ඕං කිරිපිටි 275 යි!
ආණ්ඩුවෙන් අවසර දීල වැඩිකරන්න
සිරස මුදලාලිට හරි ජොලි
එහෙන් කිරි වලින් ලාබ
මෙහෙන් එස් එම් එස් ලාබ
ඒ උනාට සන්නස් කියන විදියට
දැං රෑට මිනිස්සුන්ට කරන්න
වැඩක් තියනවා
හීනෙන් සුපර් තරු බලන එක
කතාවත් ඇත්ත ශ්‍රීපතිලාගේ
දෙපිට කතා අහං ඉඳලා ටීවී එපා වෙලා
මං යනවා රේඩියෝ එක අහන්ට
දඹදිව යන්ටත් පුලුවන් නිකම්ම
අම්මා! ලංකාවේ මොනා නැතත්
විනෝදයට මාධ්‍ය තියනවා
බලලා අහලා රෑට නින්දට යන්ට
අපරාදේ ඇහැරෙන්නේ
හොඳ කිරි හරකෙක් ඉන්න
හීනෙක නතර වෙලා ඉන්නැතිව
මේ වෙලාවට තමා ඕස්ට්‍රේලියාවේ
නාකි එළදෙනෙකුගේ අගය තේරෙන්නේ
විපක්ස නායක තුමන්ලා එහෙමවත් දෙයක්
දෙනවා කියන්නෑනේ අපට
සුපර් තරු බලලා යන ගමන්
අපරාදේ අනේ සීඩි ගත්තේ
සුරේන් පැරදුනානේ
ෂාහ්! ඒ වුනාට අර පැද්දිල්ල
ජනාධිපතිතුමත් බලලා
එස් එම් එස් කීයක් එව්වද දන්නෑ
කාටද එවන්ට ඇත්තේ
දෙන්නටම එවන්ටැති
කාටත් සම සැලකිල්ලනේ
ඇමතිකං දෙනවා චාගේ
කොටි එදා ගහන්ට හිතන්ඩ නැතිව ඇති
උනුත් සුපර් තරු බලන්ටැති
සුපර් තරු වලට දුන්න ආරස්සාව
හරියට ජැක්සන් සමග සාරුක්කාන් ආවා වගේ.
අර කවුද අර ?
අම්මා ශ්‍රීපති සහ ඩිලාන්!
ඒ දෙන්නත් සීඩී අරගන
ඊ ලඟ චන්දෙදි සුපර් තරු වෙන්ඩ වගේ
ඕං කිරිපිටි 275 යි!
ආණ්ඩුවෙන් අවසර දීල වැඩිකරන්න
සිරස මුදලාලිට හරි ජොලි
එහෙන් කිරි වලින් ලාබ
මෙහෙන් එස් එම් එස් ලාබ
ඒ උනාට සන්නස් කියන විදියට
දැං රෑට මිනිස්සුන්ට කරන්න
වැඩක් තියනවා
හීනෙන් සුපර් තරු බලන එක
කතාවත් ඇත්ත ශ්‍රීපතිලාගේ
දෙපිට කතා අහං ඉඳලා ටීවී එපා වෙලා
මං යනවා රේඩියෝ එක අහන්ට
දඹදිව යන්ටත් පුලුවන් නිකම්ම
අම්මා! ලංකාවේ මොනා නැතත්
විනෝදයට මාධ්‍ය තියනවා
බලලා අහලා රෑට නින්දට යන්ට
අපරාදේ ඇහැරෙන්නේ
හොඳ කිරි හරකෙක් ඉන්න
හීනෙක නතර වෙලා ඉන්නැතිව
මේ වෙලාවට තමා ඕස්ට්‍රේලියාවේ
නාකි එළදෙනෙකුගේ අගය තේරෙන්නේ
විපක්ස නායක තුමන්ලා එහෙමවත් දෙයක්
දෙනවා කියන්නෑනේ අපට
Oct 23, 2007
අපරාදේ රඟපාලා කාලේ නාස්ති කලේ
රචනාව ලියන්ට
මාතෘකාවක් හොය හොයා
පියාඹාගෙන ගියා
එතකොට දැක්කේ පෝලිම
සිංදු සීඩී ගන්ට
විකුණන්නේ ලංකාවේ
දක්සම නලුවෙක්
ආ කමල් අද්දර
අර අත් එකේ
බලු පැටියෙකුට හිටියේ
දැන් තමා නියම බලු පැටියා
සිංදුවක් හදන්ට තත්පරයි
කියන්ට විනාඩියයි
විකුනන්ට තත්පර භාගයයි
ඇයි ඉතිං පැරදුනත්
සුපිරි තරුනේ
ඕනේ ජරාවක් සුපිරි නං
විකිනෙනවා
මාත් සුපර් කපුටෙක් වුනානම්
මගේ පිහාටුත් කමල් අද්දරට කියලා
විකුණාගන්න තිබුනා
කමල් නලුවෙකුට වඩා
හොඳ සේල්ස් රෙප් කෙනෙක්
කියලා දැනගත්තේ සිරස තමා
අපරාදේ රඟපාලා කාලේ නාස්ති කලේ
මාතෘකාවක් හොය හොයා
පියාඹාගෙන ගියා
එතකොට දැක්කේ පෝලිම
සිංදු සීඩී ගන්ට
විකුණන්නේ ලංකාවේ
දක්සම නලුවෙක්
ආ කමල් අද්දර
අර අත් එකේ
බලු පැටියෙකුට හිටියේ
දැන් තමා නියම බලු පැටියා
සිංදුවක් හදන්ට තත්පරයි
කියන්ට විනාඩියයි
විකුනන්ට තත්පර භාගයයි
ඇයි ඉතිං පැරදුනත්
සුපිරි තරුනේ
ඕනේ ජරාවක් සුපිරි නං
විකිනෙනවා
මාත් සුපර් කපුටෙක් වුනානම්
මගේ පිහාටුත් කමල් අද්දරට කියලා
විකුණාගන්න තිබුනා
කමල් නලුවෙකුට වඩා
හොඳ සේල්ස් රෙප් කෙනෙක්
කියලා දැනගත්තේ සිරස තමා
අපරාදේ රඟපාලා කාලේ නාස්ති කලේ
Oct 17, 2007
වැඩි හරියක් මාධ්‍යයෙන්ලු
රටේ හෝ ගාලා කතන්දරලු
වැඩි හරියක් මාධ්‍යයෙන්ලු
මිනිස්සුන්ට හරි ප්‍රශ්නලු
කිරි නෑලු,පිටි නෑලු,අල නෑලු
සිමෙන්තිත නෑලු
මුල් ගල් තියලා ඉවරයිලු
සීනි නැතිලු ඒ වුනාට
ඇති තරම් දියවැඩියාවලු
කෝලා නම් තියනවාලු
පීසා, බැදපු කෙන්ටාකි, මැකීඩොනල්
ඇගී මැගී අඩුවක් නෑලු
මෙච්චර කාලයක් කෑවේ පිටරටින්ලු
බීවේත් පිටරිටින්ලු
අනේ ඒවා කාපු අය පවූලු
දැන් අල බතල කන්ට බැයිලු
දැන්වත් කොසක් පොලොසක්
කාපු රට මූණක්
දැකගන්ටත් පුලුවන් වෙයිලු
ෆොරිජිං ඉම්පෝටඩ්
රට එක හොඳ එක
ජිල් එක ටොයිස් එක
රටින් ආපු ඒඩ්ස් වගේ ලෙඩත්
ඒ වගේ ඇති කියලා
කපුටු ආතා කියාපි
මමත් කරබාගෙන හිටියාලු
ඒකත් වැරදිලු
ඔං මාත් යනවා පොළට
මාධ්‍යට පේන්න
කොල බෙදන්න
එන රූප සුන්දරියෝ බලන්න
වැඩි හරියක් මාධ්‍යයෙන්ලු
මිනිස්සුන්ට හරි ප්‍රශ්නලු
කිරි නෑලු,පිටි නෑලු,අල නෑලු
සිමෙන්තිත නෑලු
මුල් ගල් තියලා ඉවරයිලු
සීනි නැතිලු ඒ වුනාට
ඇති තරම් දියවැඩියාවලු
කෝලා නම් තියනවාලු
පීසා, බැදපු කෙන්ටාකි, මැකීඩොනල්
ඇගී මැගී අඩුවක් නෑලු
මෙච්චර කාලයක් කෑවේ පිටරටින්ලු
බීවේත් පිටරිටින්ලු
අනේ ඒවා කාපු අය පවූලු
දැන් අල බතල කන්ට බැයිලු
දැන්වත් කොසක් පොලොසක්
කාපු රට මූණක්
දැකගන්ටත් පුලුවන් වෙයිලු
ෆොරිජිං ඉම්පෝටඩ්
රට එක හොඳ එක
ජිල් එක ටොයිස් එක
රටින් ආපු ඒඩ්ස් වගේ ලෙඩත්
ඒ වගේ ඇති කියලා
කපුටු ආතා කියාපි
මමත් කරබාගෙන හිටියාලු
ඒකත් වැරදිලු
ඔං මාත් යනවා පොළට
මාධ්‍යට පේන්න
කොල බෙදන්න
එන රූප සුන්දරියෝ බලන්න
Oct 15, 2007
පරණ සිංදු කියන අලුත් තරු
කොච්චර වැඩ තිබ්බත්
අපි ඔක්කෝම සෙනසුරාදා රෑටයි
ඉරිදා රෑටයි ආප්ප කඩේට යනවා
ආප්ප කන්න නෙවේ
සුපර් තරු බලන්න
අනේ ඉස්සර සීංදු කියන නිසා
අපේ සීයත් කොහෝමහරි
අතුවලට පැන පැන හරි යනවා
සෙනසුරාදට ජොලි උනාට
ඉරිදාට මං නම් යන්නෑ
පවු කවුරුහරි බටර් ගාලා ගාලා
අයින් කරනවා
ඒ මදිවට අඬනවා
පරණ සිංදු කියලා
අලුත් තරු වෙන කට්ටිය
ඊට පස්සේ අලුත් විදියට සිංදු කියලා
බැහැලා යනවා, අනේ පවූ
ඔය කෝකෙනුත් ලාබ අරයලාට තමයි
පරණ ගායක ගායිකාවෝ වන්දි
ඉල්ලයිද දන්නෑ
මං නම් ඕං දන්නෑ
කරන අය තමයි දන්නේ
පරණ සිංදු අළුත් කරණ විදිය
අපි ඔක්කෝම සෙනසුරාදා රෑටයි
ඉරිදා රෑටයි ආප්ප කඩේට යනවා
ආප්ප කන්න නෙවේ
සුපර් තරු බලන්න
අනේ ඉස්සර සීංදු කියන නිසා
අපේ සීයත් කොහෝමහරි
අතුවලට පැන පැන හරි යනවා
සෙනසුරාදට ජොලි උනාට
ඉරිදාට මං නම් යන්නෑ
පවු කවුරුහරි බටර් ගාලා ගාලා
අයින් කරනවා
ඒ මදිවට අඬනවා
පරණ සිංදු කියලා
අලුත් තරු වෙන කට්ටිය
ඊට පස්සේ අලුත් විදියට සිංදු කියලා
බැහැලා යනවා, අනේ පවූ
ඔය කෝකෙනුත් ලාබ අරයලාට තමයි
පරණ ගායක ගායිකාවෝ වන්දි
ඉල්ලයිද දන්නෑ
මං නම් ඕං දන්නෑ
කරන අය තමයි දන්නේ
පරණ සිංදු අළුත් කරණ විදිය
Oct 10, 2007
ආණ්ඩුව සහ අපි
ආණ්ඩුව හැමදාම පත්කරන්නේ අපි.
ආණ්ඩුව ගෙදර යවන්නේ අපි.
ආණ්ඩුවට බනින්නේත් අපි.
ආණ්ඩුවට හොඳ කියන්නඟත් අපි.
ආණ්ඩුව මට්ටු කරන්නේත් අපිනං
ආණ්ඩුව මොකද කරන්නේ ?
ආණ්ඩුව ගෙදර යවන්නේ අපි.
ආණ්ඩුවට බනින්නේත් අපි.
ආණ්ඩුවට හොඳ කියන්නඟත් අපි.
ආණ්ඩුව මට්ටු කරන්නේත් අපිනං
ආණ්ඩුව මොකද කරන්නේ ?
Oct 8, 2007
ඉරිදාට මං හරිම අකමැති
මට අද හරිම කම්මැලියි
හෙට ඉස්කෝලේ
ඉරිදාට මං හරිම අකමැති
සඳුදා පටන්ගන්නේ ඉරිදා ගියාම හින්දා
අනිත් හැමදාම කැඩුවත්
ඉරිදා කැලැන්ඩරේ කොලේ
කඩන්නේ නෑතුව ඉන්නවා
ඒ උනාට ගෙදර කවුරු හරි ඒක කඩනවා
ඉරිදා ඉවර වෙන්නේත් නරක විදියට
සුපර් ස්ටාර්ලා කවුරු හරි අයින් කරනවා
අද මං ආසම ගෑනු ළමයා ඉතිරි උණා
දැන් එයාට අරයට තිබ්බ SMS එකතුවෙයි
දැන් මං එයාට කැමති වෙනවා
හෙට ගුරුතුමී රචනේ බලන දවස
ලියන්නේ කවුරු ගැනද
කියලා ඉන්ම කොට තමයි
අදත් පිට පිටම ඉංගලන්තෙට පැරදුනේ.
ලෝක ශූර සණත් ගියාම
මුරලිගේ අත කැඩුණම
දිල්හාර නෝබෝල් දානකොට
ටෙස්ට් වලින් කපපු දිල්සා තමා
ජාම බේරාගත්තේ
නෑත්තං චස ලැජ්ජාව
ගුරුතුමීත් මැච් බලන නිසා
සුපර් ස්ටාර් රෙකෝඩ් කරලා බලලා
රෑ ෆිල්ම් එක බලනත් හින්දා
හෙට අපිට පංතියේ වැඩක් දීලා
නිදාගනියි..
රචනේ බලන එකක් නෑ
මේකම දෙනවා
හෙට ඉස්කෝලේ
ඉරිදාට මං හරිම අකමැති
සඳුදා පටන්ගන්නේ ඉරිදා ගියාම හින්දා
අනිත් හැමදාම කැඩුවත්
ඉරිදා කැලැන්ඩරේ කොලේ
කඩන්නේ නෑතුව ඉන්නවා
ඒ උනාට ගෙදර කවුරු හරි ඒක කඩනවා
ඉරිදා ඉවර වෙන්නේත් නරක විදියට
සුපර් ස්ටාර්ලා කවුරු හරි අයින් කරනවා
අද මං ආසම ගෑනු ළමයා ඉතිරි උණා
දැන් එයාට අරයට තිබ්බ SMS එකතුවෙයි
දැන් මං එයාට කැමති වෙනවා
හෙට ගුරුතුමී රචනේ බලන දවස
ලියන්නේ කවුරු ගැනද
කියලා ඉන්ම කොට තමයි
අදත් පිට පිටම ඉංගලන්තෙට පැරදුනේ.
ලෝක ශූර සණත් ගියාම
මුරලිගේ අත කැඩුණම
දිල්හාර නෝබෝල් දානකොට
ටෙස්ට් වලින් කපපු දිල්සා තමා
ජාම බේරාගත්තේ
නෑත්තං චස ලැජ්ජාව
ගුරුතුමීත් මැච් බලන නිසා
සුපර් ස්ටාර් රෙකෝඩ් කරලා බලලා
රෑ ෆිල්ම් එක බලනත් හින්දා
හෙට අපිට පංතියේ වැඩක් දීලා
නිදාගනියි..
රචනේ බලන එකක් නෑ
මේකම දෙනවා
Oct 5, 2007
රූං ගාලා මං ඉගිලුනා
රූං ගාලා මං ඉගිලුනා
හන්දියේ ට්‍රැෆික් එකක්
අහසේ ට්‍රැෆික් හින්දම නෙමේ
දුම වැඩියි
දුම වැඩි උනාම කරදරේ අපිටයි
මදුරුවන්ටයි උන්ට විදින්ට බෑ
අපිට ලෝකෙම කලු පාටයි
ඒත් අපි විතර නෑ
දුං දාන කට්ටිය තාමා
පරිසරේ කන්නේ
තඩි ඇඟවල් ගෙනියන්ට
කාර් එකක්ම ඕනෙමනේ
ඔය තරම් ලාබෙට බස් තියෙද්දි
මොකද මිනිස්සු කාර් වලම යන්නේ
ගුරුතුමී කිව්වේ ඒ තත්තෙට කියලා
අර මහත්තයා දනි පනි ගාගන
ටයර් එකක් මාරු කරන්නේ
තත්තේ බේරාගන්ට වෙන්ටැති
ඒ උනාට මං හිතන්නේ
බස් එකේ යන අයගේ තමා
නියම තත්තේ තියෙන්නෙ
පරිසරේ බේරගන්ඩ උදව් කරන නිසා
ආණ්ඩුවේ උණත් කාර් පාවිච්චිය
අඩු කරනවානං හොඳයි
අඩුම ගානේ මාසෙකට
එක දවසක් වත්
බස් එකක යනවානං
ඒකේ තියෙන ජොලිය පෙනෙයි
කියලා පික් පොකට් මල්ලි කිව්වේ
එයාටත් දැන් බිස්නස් අඩුලු
සල්ලි තියන අයට බස් එකේ
යන්ට කියලා එයා ආරාධනා කරනවා
දවසක් බස් එකේ ගෑනු කෙනෙකුට
පොකට් ගහලා බලනකොට
ඒ පොකට් එකේ තිබිලා මගේ
පොටෝ එකක් කියලා
හරි කරදරේ
කොච්චර කිව්වත් ඇහුවේ නෑ
ඒ ෂිහාන් කියලා මමමලු
හන්දියේ ට්‍රැෆික් එකක්
අහසේ ට්‍රැෆික් හින්දම නෙමේ
දුම වැඩියි
දුම වැඩි උනාම කරදරේ අපිටයි
මදුරුවන්ටයි උන්ට විදින්ට බෑ
අපිට ලෝකෙම කලු පාටයි
ඒත් අපි විතර නෑ
දුං දාන කට්ටිය තාමා
පරිසරේ කන්නේ
තඩි ඇඟවල් ගෙනියන්ට
කාර් එකක්ම ඕනෙමනේ
ඔය තරම් ලාබෙට බස් තියෙද්දි
මොකද මිනිස්සු කාර් වලම යන්නේ
ගුරුතුමී කිව්වේ ඒ තත්තෙට කියලා
අර මහත්තයා දනි පනි ගාගන
ටයර් එකක් මාරු කරන්නේ
තත්තේ බේරාගන්ට වෙන්ටැති
ඒ උනාට මං හිතන්නේ
බස් එකේ යන අයගේ තමා
නියම තත්තේ තියෙන්නෙ
පරිසරේ බේරගන්ඩ උදව් කරන නිසා
ආණ්ඩුවේ උණත් කාර් පාවිච්චිය
අඩු කරනවානං හොඳයි
අඩුම ගානේ මාසෙකට
එක දවසක් වත්
බස් එකක යනවානං
ඒකේ තියෙන ජොලිය පෙනෙයි
කියලා පික් පොකට් මල්ලි කිව්වේ
එයාටත් දැන් බිස්නස් අඩුලු
සල්ලි තියන අයට බස් එකේ
යන්ට කියලා එයා ආරාධනා කරනවා
දවසක් බස් එකේ ගෑනු කෙනෙකුට
පොකට් ගහලා බලනකොට
ඒ පොකට් එකේ තිබිලා මගේ
පොටෝ එකක් කියලා
හරි කරදරේ
කොච්චර කිව්වත් ඇහුවේ නෑ
ඒ ෂිහාන් කියලා මමමලු
Subscribe to:
Posts (Atom)
