කාක් ... කාක් ..
සුන්දර කාක් හඬක් ඇහුනා
මං බැලුවා ..
මට ඇස් අදහාගන්නත් බැරිඋනා
ලස්සන කාක් ගර්ල් කෙනෙක්
ෂිහාන්ගේ සිංදුවක් කියනවා
මටත් ටිකක් පුලුවන් සිංදු
මාත් කිව්වා රනිදුගේ එකක්
"කාක් කාක් කාක් කෙල්ලේ ..//"
එයා බැලුවා ...
මම හිනා උනා
එයා අත්තටු සැලුවා
මගේ කකුල් බිරාන්ත උනා
මටත් කෙල්ලෙක් ආසා වෙලා
බිමට වැටුනේ නැත්තේ
අත්ත උඩ හිටි නිසා
මම හොඳට බැලුවා
එයා කොණ්ඩේ කපලා
කලුපාට ලිප්ස්ටික්
නියපොතුත් කලු
කලුම කලු කාක් ගර්ල් කෙනෙක්
අපි කපුටෝනේ
ආසා කලු පාටට
මම එයා ලඟ අත්තට පැන්නා
එතකොට තමා
එයාලාගේ අම්මා ආවේ
"ක්‍රාක් ... ක්‍රාක්"
"වරෙන් කෙල්ල ගෙට
කාක්කන්ට රැවටෙන්නේ නැතිව
තව ටිකකින් ෂිහාන් එනවා
ඊයෙත් පණිවිඩයක් ආවා"
Sep 27, 2007
නිව්යෝක්ද සර්
යන්තං අව්වක් පෑව්වා...
මං එලියට නාවේ
තෙමිලා හෙම්බ්‍රිරිස්සාව හැදෙයිද කියලා..
හරි වැස්ස!
පහුගිය ටිකේ ගෙරවිල්ලකුත් තිබ්බේ!
දැං නං පායලා වගේ!
ඕන්න!
සෙනග වටවෙලා ආයෙම!
ඒ පාර මොකද වෙලා තියෙන්නේ ?
නායක තුමා කොළ බෙදනවා!
ෂඃ! එයත් කොළ බෙදනවාද!
ජයවේවා!
බලන්න එපායැ ලස්සන
පියරු බබෙක් වගේ සුදයි.
කපුටු අපිට මොන සුදක්ද ?
ඒ ගමන ඔන්න දෙන්නා කතාවක.
බලනවා අයිසේ!
මොකද සර්?
බලනවා අයිසේ දැං ?
ඔව් දැං මොකද සර් ?
වැඩක් නෑ ඔයි දැං !
මේ කොළ බෙදිල්ලද සර්!
නැත්තං මොකද්ද ඕයි ..?
ඉතිං නරකද සර් ?
මොකද ඕයි?
අපි කොළඹ ඇන ගන්නවා
අරයා අරෙහේ ගිහින්
බෙදන්නේ පත්තරනේ!
"නිව්යෝක්ද සර්?"
මං එලියට නාවේ
තෙමිලා හෙම්බ්‍රිරිස්සාව හැදෙයිද කියලා..
හරි වැස්ස!
පහුගිය ටිකේ ගෙරවිල්ලකුත් තිබ්බේ!
දැං නං පායලා වගේ!
ඕන්න!
සෙනග වටවෙලා ආයෙම!
ඒ පාර මොකද වෙලා තියෙන්නේ ?
නායක තුමා කොළ බෙදනවා!
ෂඃ! එයත් කොළ බෙදනවාද!
ජයවේවා!
බලන්න එපායැ ලස්සන
පියරු බබෙක් වගේ සුදයි.
කපුටු අපිට මොන සුදක්ද ?
ඒ ගමන ඔන්න දෙන්නා කතාවක.
බලනවා අයිසේ!
මොකද සර්?
බලනවා අයිසේ දැං ?
ඔව් දැං මොකද සර් ?
වැඩක් නෑ ඔයි දැං !
මේ කොළ බෙදිල්ලද සර්!
නැත්තං මොකද්ද ඕයි ..?
ඉතිං නරකද සර් ?
මොකද ඕයි?
අපි කොළඹ ඇන ගන්නවා
අරයා අරෙහේ ගිහින්
බෙදන්නේ පත්තරනේ!
"නිව්යෝක්ද සර්?"
Sep 25, 2007
බං
හවස් වෙගන එද්දි
දෙන්නෙක් වැනි වැනී එනවා
මටත් ඕනෙ නැති
කෙං ගෙඩියක් නෑනේ
මාත් ඇහුං කන් දුන්නා
දෙන්නා වැනි වැනි ආවේ
බීලා වගේ
"අපරාදේ බං"
"ඇයි බං ?"
"මැච් එක බං"
"පැරදුනාද බං?"
"උංගේ බැටිං හොඳ උනා බං"
"ඉතිං බෝලිං?"
"අපේ බෝලිං අප්සෙට් උනා බං"
"උඹළගේ බැටිං ?"
"අපේ බැටිනුත් අප්සෙට් උනා බං"
"ඒ මොකද බං ?"
"උන්ගේ බොලිං හොඳ උනා බං"
"අම්පයර්ලා මොකද බං"
"උනුත් අප්සෙට් උනා බං"
"ඒ මොකද බං"
"උං අපිව අවුට් කලා බං"
"ඒ මොකද බං"
"අපි අවුට් නේ බං"
"දැං මොකද බං"
"ඊ ලඟ කප් එකවත් ගමු බං"
"එහෙම නෙමේ බං"
"එහෙනම් කොහොමද බං"
"මූලික වටයේ අනුශුරයන් කියමු බං"
"යංද බං"
"යං බං"
දෙන්නෙක් වැනි වැනී එනවා
මටත් ඕනෙ නැති
කෙං ගෙඩියක් නෑනේ
මාත් ඇහුං කන් දුන්නා
දෙන්නා වැනි වැනි ආවේ
බීලා වගේ
"අපරාදේ බං"
"ඇයි බං ?"
"මැච් එක බං"
"පැරදුනාද බං?"
"උංගේ බැටිං හොඳ උනා බං"
"ඉතිං බෝලිං?"
"අපේ බෝලිං අප්සෙට් උනා බං"
"උඹළගේ බැටිං ?"
"අපේ බැටිනුත් අප්සෙට් උනා බං"
"ඒ මොකද බං ?"
"උන්ගේ බොලිං හොඳ උනා බං"
"අම්පයර්ලා මොකද බං"
"උනුත් අප්සෙට් උනා බං"
"ඒ මොකද බං"
"උං අපිව අවුට් කලා බං"
"ඒ මොකද බං"
"අපි අවුට් නේ බං"
"දැං මොකද බං"
"ඊ ලඟ කප් එකවත් ගමු බං"
"එහෙම නෙමේ බං"
"එහෙනම් කොහොමද බං"
"මූලික වටයේ අනුශුරයන් කියමු බං"
"යංද බං"
"යං බං"
Sep 18, 2007
කපුටු පුතා 2.0 ප්‍රථම රචනය
මාර ගහේ ඉන්ට බෑ, සෙනග කෑ ගහනවා,
"මොකද මේ?" කොළඹට කූඹි වගේ සෙනග එනවා..
නුවරිං බස්, ගාල්ලෙං බස් ඔක්කොම පුද්ගලික
ඉකේ! අන්න බොන්ටත් දෙනවා.
සිකරට් දුමට මට අමාරුයි, ගියා මං උඩ අත්තට.. හොඳට පේනවා
කට්ටිය බැනර් වනනවා රතු පාට, කහපාට, කොළ පාට, නිල් පාට, දම් පාට මල් වගේ පාට පාටින් ලියලා.
"ආණ්ඩුව පෙරළමු!"
මට බයත් හිතුනා ආණ්ඩුව පෙරලුනොත් මං උඩට.
මං කෝකටත් වෙන අත්තකට පැන්නා.
"ඩෝං෴"
ඕං පිපුරුවා
බෝම්බයක්ද කොහෙද ?
සෙනඟ දිව්වා,
මාත් පණකඩාගන අහසට නැංගා
අහස අපිට හින්දා හොඳයි
සෙනග දුවලා ගිහින් ඕං කොළඹම හිස් උනා
කට්ටිය ගමටම දුවලා වගේ
පස්සේ කලු කපුටා ආවා.
එයානේ ඔක්කෝම දන්නේ
අපි වටවුනා
කී දෙනෙක් මැරිලද ?
ක්ලේමෝද ?
සූයිසයිඩ්ද ?
කාර්ද ත්‍රී වීල්ද ලොරිද වෑන්ද බස්ද
හරි ප්‍රශ්න ගොඩයි
"ප්‍රයිවේට් බස් එකක් බං"
හෑ! ඉවරයි
"ටයර් එකක් බං පිපිරිළා තියෙන්නේ"
ආණ්ඩුව පෙරලුනේ නෑ
අනේ අපේ කූඩුව බේරුනා
"මොකද මේ?" කොළඹට කූඹි වගේ සෙනග එනවා..
නුවරිං බස්, ගාල්ලෙං බස් ඔක්කොම පුද්ගලික
ඉකේ! අන්න බොන්ටත් දෙනවා.
සිකරට් දුමට මට අමාරුයි, ගියා මං උඩ අත්තට.. හොඳට පේනවා
කට්ටිය බැනර් වනනවා රතු පාට, කහපාට, කොළ පාට, නිල් පාට, දම් පාට මල් වගේ පාට පාටින් ලියලා.
"ආණ්ඩුව පෙරළමු!"
මට බයත් හිතුනා ආණ්ඩුව පෙරලුනොත් මං උඩට.
මං කෝකටත් වෙන අත්තකට පැන්නා.
"ඩෝං෴"
ඕං පිපුරුවා
බෝම්බයක්ද කොහෙද ?
සෙනඟ දිව්වා,
මාත් පණකඩාගන අහසට නැංගා
අහස අපිට හින්දා හොඳයි
සෙනග දුවලා ගිහින් ඕං කොළඹම හිස් උනා
කට්ටිය ගමටම දුවලා වගේ
පස්සේ කලු කපුටා ආවා.
එයානේ ඔක්කෝම දන්නේ
අපි වටවුනා
කී දෙනෙක් මැරිලද ?
ක්ලේමෝද ?
සූයිසයිඩ්ද ?
කාර්ද ත්‍රී වීල්ද ලොරිද වෑන්ද බස්ද
හරි ප්‍රශ්න ගොඩයි
"ප්‍රයිවේට් බස් එකක් බං"
හෑ! ඉවරයි
"ටයර් එකක් බං පිපිරිළා තියෙන්නේ"
ආණ්ඩුව පෙරලුනේ නෑ
අනේ අපේ කූඩුව බේරුනා
Subscribe to:
Posts (Atom)
