Oct 31, 2007

කපුටා කලු පාටය

කපුටා කලු පාටය
කලු කපුටාගේ පාටය
කපුටාගේ පාරම්පරික පාටද කලුය
සාම්ප්‍රදායික කපුටෝ කලුය
නවීන කපුටෝද කලුය
කලු පාටට කපුටා ඉතා කැමතිය
ඒත් කපුටා කපුටීට අමතන්නේ සුදෝ කියාය
කපුටී කපුටා අමතන්නේද සුදෝ කියාය
ඒත් කපුටා සුදු වීමට අදහස් නොකරයි
කලුනම් කපුටාය
කපුටා නම් කලුය
කපුටාට කලු ඉතා ලස්සනය
කපුටා කලු වීම ප්‍රතිපත්තිමය කාරණයකි
කපුටා දිගටම කලුව සිටීමෙන්
ප්‍රතිපත්තිය රැකගෙන ඇත
පාට මාරු කරන අයට වඩා
කපුටා හොඳ වන්නේ ඒ නිසාය

0 comments: