Oct 23, 2007

අපරාදේ රඟපාලා කාලේ නාස්ති කලේ

රචනාව ලියන්ට
මාතෘකාවක් හොය හොයා
පියාඹාගෙන ගියා
එතකොට දැක්කේ පෝලිම
සිංදු සීඩී ගන්ට
විකුණන්නේ ලංකාවේ
දක්සම න‍ලුවෙක්
ආ කමල් අද්දර
අර අත් එකේ
බලු පැටියෙකුට හිටියේ
දැන් තමා නියම බලු පැටියා
සිංදුවක් හදන්ට තත්පරයි
කියන්ට විනාඩියයි
විකුනන්ට තත්පර භාගයයි
ඇයි ඉතිං පැරදුනත්
සුපිරි තරුනේ
ඕනේ ජරාවක් සුපිරි නං
විකිනෙනවා
මාත් සුපර් කපුටෙක් වුනානම්
මගේ පිහාටුත් කමල් අද්දරට කියලා
විකුණාගන්න තිබුනා
කමල් නලුවෙකුට වඩා
හොඳ සේල්ස් රෙප් කෙනෙක්
කියලා දැනගත්තේ සිරස තමා
අපරාදේ රඟපාලා කාලේ නාස්ති කලේ

0 comments: