මට අද හරිම කම්මැලියි
හෙට ඉස්කෝලේ
ඉරිදාට මං හරිම අකමැති
සඳුදා පටන්ගන්නේ ඉරිදා ගියාම හින්දා
අනිත් හැමදාම කැඩුවත්
ඉරිදා කැලැන්ඩරේ කොලේ
කඩන්නේ නෑතුව ඉන්නවා
ඒ උනාට ගෙදර කවුරු හරි ඒක කඩනවා
ඉරිදා ඉවර වෙන්නේත් නරක විදියට
සුපර් ස්ටාර්ලා කවුරු හරි අයින් කරනවා
අද මං ආසම ගෑනු ළමයා ඉතිරි උණා
දැන් එයාට අරයට තිබ්බ SMS එකතුවෙයි
දැන් මං එයාට කැමති වෙනවා
හෙට ගුරුතුමී රචනේ බලන දවස
ලියන්නේ කවුරු ගැනද
කියලා ඉන්ම කොට තමයි
අදත් පිට පිටම ඉංගලන්තෙට පැරදුනේ.
ලෝක ශූර සණත් ගියාම
මුරලිගේ අත කැඩුණම
දිල්හාර නෝබෝල් දානකොට
ටෙස්ට් වලින් කපපු දිල්සා තමා
ජාම බේරාගත්තේ
නෑත්තං චස ලැජ්ජාව
ගුරුතුමීත් මැච් බලන නිසා
සුපර් ස්ටාර් රෙකෝඩ් කරලා බලලා
රෑ ෆිල්ම් එක බලනත් හින්දා
හෙට අපිට පංතියේ වැඩක් දීලා
නිදාගනියි..
රචනේ බලන එකක් නෑ
මේකම දෙනවා
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment