රූං ගාලා මං ඉගිලුනා
හන්දියේ ට්‍රැෆික් එකක්
අහසේ ට්‍රැෆික් හින්දම නෙමේ
දුම වැඩියි
දුම වැඩි උනාම කරදරේ අපිටයි
මදුරුවන්ටයි උන්ට විදින්ට බෑ
අපිට ලෝකෙම කලු පාටයි
ඒත් අපි විතර නෑ
දුං දාන කට්ටිය තාමා
පරිසරේ කන්නේ
තඩි ඇඟවල් ගෙනියන්ට
කාර් එකක්ම ඕනෙමනේ
ඔය තරම් ලාබෙට බස් තියෙද්දි
මොකද මිනිස්සු කාර් වලම යන්නේ
ගුරුතුමී කිව්වේ ඒ තත්තෙට කියලා
අර මහත්තයා දනි පනි ගාගන
ටයර් එකක් මාරු කරන්නේ
තත්තේ බේරාගන්ට වෙන්ටැති
ඒ උනාට මං හිතන්නේ
බස් එකේ යන අයගේ තමා
නියම තත්තේ තියෙන්නෙ
පරිසරේ බේරගන්ඩ උදව් කරන නිසා
ආණ්ඩුවේ උණත් කාර් පාවිච්චිය
අඩු කරනවානං හොඳයි
අඩුම ගානේ මාසෙකට
එක දවසක් වත්
බස් එකක යනවානං
ඒකේ තියෙන ජොලිය පෙනෙයි
කියලා පික් පොකට් මල්ලි කිව්වේ
එයාටත් දැන් බිස්නස් අඩුලු
සල්ලි තියන අයට බස් එකේ
යන්ට කියලා එයා ආරාධනා කරනවා
දවසක් බස් එකේ ගෑනු කෙනෙකුට
පොකට් ගහලා බලනකොට
ඒ පොකට් එකේ තිබිලා මගේ
පොටෝ එකක් කියලා
හරි කරදරේ
කොච්චර කිව්වත් ඇහුවේ නෑ
ඒ ෂිහාන් කියලා මමමලු
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment