Oct 31, 2007

ඒ දෙන්නත් සුපර් තරු සීඩී අරගන

ඕං එනවා සෙනග
සුපර් තරු බලලා යන ගමන්
අපරාදේ අනේ සීඩි ගත්තේ
සුරේන් පැරදුනානේ
ෂාහ්! ඒ වුනාට අර පැද්දිල්ල
ජනාධිපතිතුමත් බලලා
එස් එම් එස් කීයක් එව්වද දන්නෑ
කාටද එවන්ට ඇත්තේ
දෙන්නටම එවන්ටැති
කාටත් සම සැලකිල්ලනේ
ඇමතිකං දෙනවා චාගේ
කොටි එදා ගහන්ට හිතන්ඩ නැතිව ඇති
උනුත් සුපර් තරු බලන්ටැති
සුපර් තරු වලට දුන්න ආරස්සාව
හරියට ජැක්සන් සමග සාරුක්කාන් ආවා වගේ.
අර කවුද අර ?
අම්මා ශ්‍රීපති සහ ඩිලාන්!
ඒ දෙන්නත් සීඩී අරගන
ඊ ලඟ චන්දෙදි සුපර් තරු වෙන්ඩ වගේ
ඕං කිරිපිටි 275 යි!
ආණ්ඩුවෙන් අවසර දීල වැඩිකරන්න
සිරස මුදලාලිට හරි ජොලි
එහෙන් කිරි වලින් ලාබ
මෙහෙන් එස් එම් එස් ලාබ
ඒ උනාට සන්නස් කියන විදියට
දැං රෑට මිනිස්සුන්ට කරන්න
වැඩක් තියනවා
හීනෙන් සුපර් තරු බලන එක
කතාවත් ඇත්ත ශ්‍රීපතිලාගේ
දෙපිට කතා අහං ඉඳලා ටීවී එපා වෙලා
මං යනවා රේඩියෝ එක අහන්ට
දඹදිව යන්ටත් පුලුවන් නිකම්ම
අම්මා! ලංකාවේ මොනා නැතත්
විනෝදයට මාධ්‍ය තියනවා
බ‍ලලා අහලා රෑට නින්දට යන්ට
අපරාදේ ඇහැරෙන්නේ
හොඳ කිරි හරකෙක් ඉන්න
හීනෙක නතර වෙලා ඉන්නැතිව
මේ වෙලාවට තමා ඕස්ට්‍රේලියාවේ
නාකි එළදෙනෙකුගේ අගය තේරෙන්නේ
විපක්ස නායක තුමන්ලා එහෙමවත් දෙයක්
දෙනවා කියන්නෑනේ අපට

0 comments: