කාක් ... කාක් ..
සුන්දර කාක් හඬක් ඇහුනා
මං බැලුවා ..
මට ඇස් අදහාගන්නත් බැරිඋනා
ලස්සන කාක් ගර්ල් කෙනෙක්
ෂිහාන්ගේ සිංදුවක් කියනවා
මටත් ටිකක් පුලුවන් සිංදු
මාත් කිව්වා රනිදුගේ එකක්
"කාක් කාක් කාක් කෙල්ලේ ..//"
එයා බැලුවා ...
මම හිනා උනා
එයා අත්තටු සැලුවා
මගේ කකුල් බිරාන්ත උනා
මටත් කෙල්ලෙක් ආසා වෙලා
බිමට වැටුනේ නැත්තේ
අත්ත උඩ හිටි නිසා
මම හොඳට බැලුවා
එයා කොණ්ඩේ කපලා
කලුපාට ලිප්ස්ටික්
නියපොතුත් කලු
කලුම කලු කාක් ගර්ල් කෙනෙක්
අපි කපුටෝනේ
ආසා කලු පාටට
මම එයා ලඟ අත්තට පැන්නා
එතකොට තමා
එයාලාගේ අම්මා ආවේ
"ක්‍රාක් ... ක්‍රාක්"
"වරෙන් කෙල්ල ගෙට
කාක්කන්ට රැවටෙන්නේ නැතිව
තව ටිකකින් ෂිහාන් එනවා
ඊයෙත් පණිවිඩයක් ආවා"
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment