මාර ගහේ ඉන්ට බෑ, සෙනග කෑ ගහනවා,
"මොකද මේ?" කොළඹට කූඹි වගේ සෙනග එනවා..
නුවරිං බස්, ගාල්ලෙං බස් ඔක්කොම පුද්ගලික
ඉකේ! අන්න බොන්ටත් දෙනවා.
සිකරට් දුමට මට අමාරුයි, ගියා මං උඩ අත්තට.. හොඳට පේනවා
කට්ටිය බැනර් වනනවා රතු පාට, කහපාට, කොළ පාට, නිල් පාට, දම් පාට මල් වගේ පාට පාටින් ලියලා.
"ආණ්ඩුව පෙරළමු!"
මට බයත් හිතුනා ආණ්ඩුව පෙරලුනොත් මං උඩට.
මං කෝකටත් වෙන අත්තකට පැන්නා.
"ඩෝං෴"
ඕං පිපුරුවා
බෝම්බයක්ද කොහෙද ?
සෙනඟ දිව්වා,
මාත් පණකඩාගන අහසට නැංගා
අහස අපිට හින්දා හොඳයි
සෙනග දුවලා ගිහින් ඕං කොළඹම හිස් උනා
කට්ටිය ගමටම දුවලා වගේ
පස්සේ කලු කපුටා ආවා.
එයානේ ඔක්කෝම දන්නේ
අපි වටවුනා
කී දෙනෙක් මැරිලද ?
ක්ලේමෝද ?
සූයිසයිඩ්ද ?
කාර්ද ත්‍රී වීල්ද ලොරිද වෑන්ද බස්ද
හරි ප්‍රශ්න ගොඩයි
"ප්‍රයිවේට් බස් එකක් බං"
හෑ! ඉවරයි
"ටයර් එකක් බං පිපිරිළා තියෙන්නේ"
ආණ්ඩුව පෙරලුනේ නෑ
අනේ අපේ කූඩුව බේරුනා
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment