Dec 16, 2011

ඔන්න ප්‍රවෘත්ති පටන් ගත්තා

කපුටු පුතාට ඇහැරුනේ අමුතුම සද්දෙකින්. කවදාකවත් අහපු නැති මිහිරි නාදයක් රේඩියෝ එකේ යනවා හැමදාම යන ටකරන් සද්දේ නැතිවෙලා. පුදුමයි. ඔන්න ප්‍රවෘත්ති පටන් ගත්තා. අද අමුතුයි. හැමදාම යන පෙරාපු ප්‍රවුත්ති වෙනුවට අමු අමුවේම නොකපන ලද ප්‍රවත්ති වැලක්. මේ තරම් ඇත්ත කියන්න මාද්දියට අවසර දුන්නේ කවුද කියලා කපුටු පුතාට හිතුනා. මේකනම් ලෝක ආස්චරියාවක්! කපුටු පුතාටම කියවුනා. ඉහල නියෝගයකින් සේනාපති නිදහස්. ඉටමලුවල හා කුණුකූඩවල එලවලු පැටවීමට අවසර. අපෝස සාමන්‍ය පෙල ගණිතය සීයට සීයක් සමත්. සෑම ගමකටම විශ්ව විද්‍යාලයක්. සෑම තරැණයකුටම අවම වශයෙන් අමාත්තියංස ලේකම් තනතුරක්.

කොරියාවේ රැකියා අසූ ලක්‍ෂයක් ලංකාවට. වයස හැටට වැඩි අයට වැඩි අවස්ථා. ලංකාවේ විද්‍යාඥයකු පිටිකිරි වෙනුවට යොදාගත හැකි රබර් කිරි සංයෝගයක් සොයාගනී. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන්ට රජයේ වියදමින් ග්‍රාම සංවර්ධන මහාචාර්ය පදවි. ශ්‍රී ලංකාව ලෝකයේ ජීවත්වීමට හොඳම තැන බව එක්සත් ජාතීන් පවසයි. සංචාරකයින් වැඩිවීම නිසා ලංකාව වීසා දීම තාවකාලිකව නවතයි. අනුරාධපුර ගොවීන් දාහකට අත්තම් ක්‍රමය ඇලස්කාවේ ගොවිතැන සංවර්ධනයට හඳුන්වාදීමට ආරාධනා. වෙළද දැන්වීම් නැතිව මෙච්චර දිග ප්‍රවුත්ති යන්නේ කෝහොමද කපුටු පුතා කල්පනා කලා. එතකොට තමා කෝච්චිය වගේ කඩාගන යන සද්දේට කපුටු පුතාට ඇත්තටම ඇහැරුනේ. ඉස්සෙ‍ල්‍ලා ඇහැරිලා තියෙන්නේ දවල් හීනෙකින්.

මිනිස්සු රාසියක් මහපාරේ කූඩ එපා ... ගෝනි ඕනෑ කිය කියා පෙරහැර වගේ පෙළපාලි යනවා අලුත්කඩේ පැත්තට... කපුටු පුතා බයටම ඉගිලිලා ගියා අඬන්න වෙන බව දන්න හින්දා...